වෙන්ට හැකිද මේ දෙය

 


වෙන්ට හැකිද මේ දෙය
මිදුම්කරැ තුමන් ලෙයින්
මටත් ඇතිද සුවය
පෙළී සිටින පාපයෙන්
පුදුමෙකි දෙව් පුත් තූමා
දිව් පිදී ය මා නිසා


පියාණ්න්ගේ සිහසුන
හැරෑ වැඩියෙය මෙහි
පව්කරැවන් ඉතා හීන
මුදන්නට කුරැසේ හි
දිව් පිදුවේ අහෝ පෙමක්
ඇත්ද මෙ වන් පුදුමයක්


සිටියෙමි මම් බොහෝ කලක්
බැම්මෙහි පව් යදම් වල
දැල්විණි විස්ම එළියක්
දුක් පත් මගේ හද තුළ
බිඳී ගියේ බැමි සැම
නිදහස් වීමි විගසම


උදහස පහ විය
ඇත්තේ නිති ජීවිතය
යේසුස් තුළ ජිවත්වෙමි මම්
දමිටු වත් පළඳින්නෙම්
සිහසුන් වෙත හිමිගේ
උරුම යි කිරුළ සගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *