1. යේසුස් මගේයයි සෙත් ලත් වදන්
කොයි ලෙස් වණම්ද සැනසුම් එයින්
පවින් මිදීම දෙව් තුම දී
ආත්මෙන් උපන්නෙම් ලෙයින් සේදී.


Ref
මෙමගේ ගීයත් පැසසුමත්
වෙයි සැමදාම හට දෙව් පුත්.


2. යටත්කම වෙයි සොම්නස් මගේ
තේජස් පෙනෙයි දැන් ඇසට සගේ
දෙව් දූතයෝ වින් දයා පෙම
දන්වත් මෙම්ට දෙව් ලොවීන්ම.


3. යටත්කම වෙයි සැපත මා
හිමි කෙරේම තොස් වෙම් නොපමා
හිමිගෙ ඊම බලමින්ම
පෙම් සයුරේම ගිලෙම් මම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *