අහෝ මගේ මිදු
1. අහෝ මගේ මිදුම්කරූ
මළේ ලෙය හලා
කැප වුණේ පණු වැනී
මෙමා වෙනුවෙන්දෝ.
2. ඒ දුක් වින්දේ කුරූ-සයේ
බෝ පව් නිසාද මා
පුදුමයි- ඉතා ඒ ප්‍රේමය
කරුණාව මා කෙරේ.
3. මැවුම්කරූ මළ නිසා
මැවිල්ලෙ පාපෙට
හිරුත් මහිමය වසා
අඳුරේ සැගවුණේ.
4. සඟවා ගමී මගේ වත
කුරුසේ දකිනා විට
දියවෙයි හද ස්තුතී-යෙනී
කදුලින් නෙතූ තෙමේ.
5. ඒමුත් එයින් ගෙවන්ට බෑ
ඒ ප්‍රේමයෙ ණය
සමිඳුනි මාව- ඔබට දෙමී
එපමණි කළ හැකී.