මා යේසුනී මා ආදරෙයි
1. මා යේසුනී මා ආදරෙයි, ඔබ මාගෙ යැයි දනිමී
පාපේ හැම සුවය ඔබ වෙනුවෙන් හැර දමමි
මිදුම්කරුනි මාගේ, ගැළවුම්කරු ඔබයි
ආදරය කළා නම් මා ඔබට යේසුනී ඒ දැනුයි.
2. ආදරය කරමි, ඔබමයි මට, මුලින් ආදරය කළේ
කල්වාරියේ ගසෙහී මගේ කමාවට මිල ගෙව්වේ
මා ආදරෙයි පැළඳූ නිසා, ඒ කටුවැල් ඔබගෙ හිසේ
ආදරය කළා නම් මා ඔබට යේසුනී ඒ දැනුයි.
3. ආදරය කරමි ඔබට මගේ ජීවිතේ හා මරණේදී
හුස්ම මට දී ඇති තුරා, ඔබටම පසසමී
මරණේ පින්නෙන් මාගේ හිස වැසෙනා විටදී කියමී
ආදරය කළා නම් මා ඔබට, යේසුනී ඒ දැනුයි.
4. සදාතනේ යුගයන් පුරා, ප්‍රීති නිම නැතී
සදාටම නමදිම් ඔබ, අති දීප්තිමත් මහිමේ
ගයන්නෙමී, මාගේ හිසේ දිලෙනා ඔටුනූ දරා
ආදරය කළා නම් මා ඔබට, යේසුනී ඒ දැනුයි.